Powered by Blogger.

Text

Sample Text

Ads 468x60px

Popular Posts

Pages

Followers

Featured Posts

Social Icons

Wednesday, January 29, 2014

ආර්ථික විද්‍යාවට හෑදින්වීමක්






















ආර්ථික විද්‍යාව යනු කුමක්ද ?

ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්ය වරයකු වන ලයනල් රොබින්ස් (1898-
1984) " ආර්තික විද්‍යාවෙ ස්වාබාවය සහ වෑදගත්කම පිලිබද රචනයක්"  මෑයෙන් 1932 ප්‍රකාශයට පත් කල කෘතියෙහි ආර්තික විද්‍යාව යනුවෙන් නිර්වචනය කරනු ලෑබුවේ




 " විකල්ප භාවිත සහිත හිග සම්පත් හා වුවමනා අතර පවතින සම්බන්දතාවෙ දී මිනිස් හෑසිරීම් අද්යනය කෙරෙන විද්‍යාවක් "   ලෙසය....



ආර්තික විද්‍යාවෙ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ගිග කම පිලිබද ප්‍රථම වරට අවදානය යොමු කල අතර,ආර්තික විද්‍යාව පිලිබද නිර්වචනය ලෙස බොහෝ දෙනකු විසින් උපුටා දක්වනු ලබන්නේ මෙම ජනප්‍රිය නිර්වචනයයි.මෙය ඉදිරිපත් කරන ලද්දෙ " රොබින්ස් " විසිනි.



ආර්තික විද්‍යාව අද්‍යනය කිරීමට නම් මෙම ශික්ශණ ක්‍රම්යෙහි පදනම වශයෙන් පවත්නා ප්‍රදාන මුලධර්ම කීපයක් හදුනා ගෑනීමට සිදු වේ.. ඒම මුලදර්ම පහත දෑක්වේ.



1- මෙලෙස ගත් කල සෙම සෑම පුද්ගලයෙකු මෙන්ම සෑම සමාජයක්ම හිග කම නෑමෑති කේන්ද්‍රීඅය ප්‍රශ්නයට මුහුන දී සිටි.එම පසුබිම තුල අපගේ වුවමනාවන් සපුරා ගෑනීමට උත්සහ කිරීමේදි තේරීම් කිරීමට සිදුවේ.තෙරීම් කිරීමෙදි කෑප කිරීමක් හෙවත් පිරිවෑයක් හටගෑනීම වෑලෑක්විය නොහෑකි වේ.අප සතු සීමිත සම්පත් වලින් කිසියම් වුවමනාවක් සපුරා ගෑනීමට තීරණය කල විට,එම සම්පත් වලින් සපුරා ගත හෑකිව තිබු වෙනත් වුවමනාවක් අතහෙර දෑමීමට සිදු වේ.මෙලෙස තේරීම් කිරීමෙදී අප විසින් අත් හරිනු ලබන ඊලග හොදම විකල්ප වුවමනාවෙ වටිනාකම එම තෙරීම නිසා හට ගන්නා පිරිවෑය හෙවත් ආවස්තික පිරිවෑය වශයෙන් හදුන්වනු ලෑබේ..ඕනෑම තේරීමක සෑබෑ පිරිවෑය වනුයේ ඒ සදහා වෑය කරන මුදලේ ප්‍රමාණය නොව, එම තෙරීම තුලින් හටගන්නා ආවස්තික පිරිවෑය වේ.මේ අන්දමින් සෑම තේරීමකදීම ආවස්තික පිරිවෑයක් හටගන්නා බව පිලි ගෑනීම ආර්තික විද්‍යාවේ මුලික පදනමකි." පිරිවෑයකින් තොර කිසිවක් ලොව නොමෑත " යන ප්‍රකාශයෙන් ආර්තික විද්‍යාව විශයේ හරය පිලිබිබු වේ..



2- ආර්ථික විද්‍යාවේ එන චින්තන ක්‍රමයෙ තවත් සුවිශේෂි උපකල්පනයක් වනුයේ පුද්ගලයන් තේරීම් කිරිමේදි ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බවය.ස්වාර්තය උදෙසා තාර්කික ව ක්‍රියා කරනු එතෑයි යන්නෙන් අදහස් වන්නේ,විවිද විකල්ප අතරින් තේරීම් කිරීමේදි තමන්ට වෑදි තෘප්තිය ලබා දෙන තේරීම් කරන බවයි.ස්වාර්තය උදෙසා කටයුතු කිරීම යන්නෙන් අවශ්‍යයෙන් ම ආත්මාර්තකාමි හෙසිරීමක් අදහස් නො වේ.අන්‍යයන්ට උදව් කිරීම මගින් තමන්ට ලෑබෙන තෘප්තියද, ස්වාර්තය උදෙසා යොමු වු තාර්කික හෑසිරීමේහි ම ප්‍රතිපලයක් ලෙස හදුනා ගත හෑකිය.



3- තීරන ගෑනීමට අදාළ ආර්ථික විද්‍යාත්මක චින්තනයේ තවත් මුලික උපකල්පනයක් වන්නේ ආන්තික පදනමකින් ප්‍රතිලාභ සහ පිරිවෑය තුලනාත්මකව විග්‍රහ කොට බලා, අදාළ තේරීම් ආන්තික ප්‍රතිලාභ, ආන්තික පිරිවෑය ඉක්මවා යන්නේ නම්  පමනක් එම තේරීම් කිරීම ස්වාර්ථය උපරිම කර ගෑනීමට ඉවහල් වන බවය.බොහෝ විට අප හමුවේ ඈති තෙරීම් ආන්තික වෙනස්කම් හා අදාල තීරණයන්ය.


ආර්තික විද්‍යාව හෑදෑරිය යුත්තේ ඈයි? 


නුතන රාජ්ය පාලකයන් තම රාජ්‍ය පාලනය සදහ අවශ්‍ය උපදෙස් හා ප්‍රතිපත්ති නිර්දේශ,ආර්තික විද්වතුන්ගෙන් ලබා ගෑනීමට පුරුදුව සිටී.ආර්ථික විද්‍යාත්මක දෑනුම රාජ්‍ය පාලනයේ දි පමණක් නොව සාර්තක පුරවෑසියකු ලෙසින් සමාජය තුල කටයුතු කිරීමටද අතිශය වෑදගත් වේ.අප අවට සමාජයේ සිදුවන ආර්තික සන්සිද්දීන් මෑනවින් තේරුම් ගෑනීමට ත්,පාරිබෝගිකයන්,නිශ්පාදකයන්,සේවා යෝජකයන් හා සේවකයන් වශයෙන් කටයුතු කිරීමේදී හා ඊට අදාළ තීරණ වඩාත් කාර්ය්‍යක්ෂම ව හා තාර්කිකව ගෑනීමේදීත්,ආර්ථික විද්‍යාත්මක දෑනුම හා ශික්ෂණය බෙහෙවින් ඉවහල් වනු ඈත.



ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය..



ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස සෑලකේ.දේශපාලන විද්‍යාව,සමාජ විද්‍යාව,මනෝ විද්‍යාව,මනව විද්‍යාව වෑනි සමාජීය විද්‍යාවන් මෙන්ම ආර්ථික විද්‍යාවද මිනිසා හාඅ සමාජය පිලිබදව මුලික අවදානය යොමු කරයි.සුවිශේෂි වශයෙන් ආර්ථික විද්‍යාව විෂයේ අවධානය යොමු වනුයේ මිනිසා හා සමාජයේ ආර්ථිකමය හෑසිරීම් සහ ආර්ථික සන්සිද්දීන් පෑහෑදිලි කිරීම,විශ්ලේශණය කිරීම හා පුරෝකථනය යන කාර්‍ය්යන් කෙරෙහිය.මෙම කාර්‍යයන් සදහා ආර්ථික විද්‍යාව විෂය සුවිශේෂි වශයෙන් යොමු කිරීමේදි විශ්ලේෂනය සදහා යොදා ගෑනෙන ප්‍රකාශ ප්‍රධාන ස්වරුප දෙකක් ගනී,එනම්..

          1-යථානුරුපි ප්‍රකාශ
          2-අභිමතානුරුපි ප්‍රකාශ

1-යථානුරුපි ප්‍රකාශ
     
     යථානුරුපි ප්‍රකාශයක් යනුවෙන් අදහන් වන්නෙ, කුමක්ද?,කුමක් වුයේද ? කුමක් වනු ඈද්ද යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා යොමු වුණු ප්‍රකාශයන්ටය.කිසියම් විචල්‍ය කිහිපයක් අතර පවත්නා සම්බන්දතාවය පෙන්වා දීමට හෝ කිසියම් සන්සිද්දියක් පෑහෑදිලි කිරීමට හෝ යථානුරුපි ප්‍රකාශ උපයෝගි කර ගනු ලෑබේ.


     යථානුරුපි ප්‍රකාශයක් හරි හෝ වෑරදි විය හෑකිය.එබදු ප්‍රකාශයක නිරවද්‍යතාව ප්‍රත්‍යක්ශමුල කරුණු මගින් පරික්ෂාවට ලක් කළ හෑකිය.යථානුරුපි ප්‍රකාශය ,ප්‍රත්‍යක්ෂ මුල සාධක සමග නොගෑලපේ නම් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලබයි.එබෑවින් යථානුරුපි ප්‍රකාශ විද්‍යාත්මක ස්වරුපයක් ගනි.සෑබෑ දත්ත වලින් තහවුරු වුව හොත් පමණි,එබදු ප්‍රකාශයක් නිවෑරදි ප්‍රකාශයක් ලෙස බාරගනු ලබනුයේ.එබෑවින් යථානුරුපි ප්‍රකාෂවල විද්‍යාත්මක ස්වරුපයක් දක්නට ලෑබේ.


2-අභිමතානුරුපි ප්‍රකාශ


    අභිමතානුරුපි ප්‍රකාශයන් යනුවෙන් අදහස් වන්නෙ කුමක් විය යුතුද? යන ප්‍රශ්ණයට දෙන පිලිතුර හා යොමු වුන ප්‍රකාශයන්ටය.මෙබදු ප්‍රකාශ පුද්ගල බද්ද ස්වරුපයක් උසුලයි.



ආර්ථික විද්‍යා ආදර්ශ ගොඩනෑන්වීම..












අර්ථික විද්‍යාව විෂය තුල අන්තර්ගත වන ආර්ථික හෑසිරීම් හා සන්සිද්දීන් පෑහෑදිලි කිරීමට යොමු වුනු ආර්ථික න්‍යායන් හෙවත් යථානුරුපී ප්‍රකාශ ගොඩනෑගීමේදි පියවර කීපයක් අනුගමනය කරනු ලෑබේ.


     1-ආර්ථික විචල්‍යයභි හෑසිරීම් පිලිබද දත්ත නිරීක්ශණය කිරීම හා මිනුම් කිරීම
.
     2-ආදර්ශ ගොඩනෑන්වීම සහ

   3-ගොඩනන්වන ලද ආදර්ශ සෑබෑ දත්තවලට අනුකුල වේදෑයි පරික්ශාවට ලක් කිරීම එම පිඅයවර වේ.
Published: By: Isuru - 4:20 AM

 

Ads